05/09/2026
ගෝලීය රැකියා ලෝකයට නව දොරටු විවර කරමින්
ජපානය සහ එක්සත් අරාබි එමීර් රාජ්යය (UAE) රැකියා අවස්ථා
ලෝකයේ රටවල් රැසක රැකියා අවස්ථා, ශ්රි ලාංකිකයින් වෙත ලබාදීම සඳහා රජයට අනුබද්ධිත එකම රැකියා නියෝජිතායතනය වන ශ්රි ලංකා විදේශ රැකියා ඒජන්සිය විසින් නව වැඩසටහනක් ආරම්භ කර ඇති අතර ඒ අනුව මැදපෙරදිග, ජපානය, දකුණු කොරියාව හා ඊශ්රායලය යන රටවල රැකියා අවස්ථා රැසක් සඳහා බඳවාගැනීම් කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති පවසයි.
මෙහිදී සභාපති, ලාල් හෙට්ටිආරච්චි, සහ සාමාන්යාධිකාරී, ජේ. ඒ. ඩී. බී. අබේරත්න යන මහත්වරු මාධ්ය වෙත අදහස් දැක්වීම් සිදුකරන ලදී. SLFEA අධ්යක්ෂක මණ්ඩලය නියෝජනය කරමින්, චන්දන ජයවර්ධන, නිරන්ත කුරුවිට, අමින්ද ලක්මාල්, සහ ජානක අධිකාරි යන මහත්වරු සහභාගි විය.
මේ යටතේ ඉදිකිරීම්, කාර්මික හා නිපුණතා රැකියා, සෞඛ්ය සේවා, තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු, ප්රවාහන, කෘෂිකර්ම, ඇගළුම් නිශ්පාදන හා වෘත්තිය සේවා ඇතුළු තවත් ක්ෂේත්ර රැසක රැකියා අවස්ථා ශ්රි ලාංකිකයින්ට හිමිවන අතර ඉතාමත් අවම මිළ ගණන් යටතේ මෙම රැකියා සදහා අයදුම් කිරීමට අවස්ථාව හිමිවන බවද, එසේම ශ්රි ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගම විසින් ලබාදෙන ජපන් රැකියා අතුරින් ට්රක් රථ රියදුරු රැකියා සඳහා පාසැල් හැර ගිය තරුණයින්ටද අයදුම් කිරීමට අවස්ථාව හිමිවන අතර, ඔවුන්ට ජපන් භාෂා ප්රවීණතාව තිබීම අත්යවශ්ය බවත්, අයදුම් කිරීම හා වැඩි විස්තර ලබාගැනීම සඳහා www.slfea.lk යන වෙබ් අඩවියට පිවිසෙන ලෙස සාමාන්යාධිකාරිතුමා විසින් රැකියා අපේක්ෂිතයින් වෙත දන්වා සිටියේය.
මෙම රැකියා අවස්ථා සඳහා පුහුණු, අර්ධ පුහුණු හා වෘත්තිය ශ්රමිකයින් බදවාගැනීමට බලාපොරොත්තු වන අතර, ජාත්යන්තර ශ්රම වෙළඳපොල තුළ ශ්රි ලංකාවේ පැවැත්ම තවදුරටත් ශක්තිමත් කිරීමට හා නිපුණතා සහිත ශ්රමිකයින් වැඩි වශයෙන් විදේශ රැකියා අවස්ථා සඳහා යොමුකිරීම ප්රවර්ධනය කිරීමේ අරමුණෙන් මෙම රැකියා අවස්ථා හඳුන්වාදීමට තම ආයතනය පියවර ගෙන තිබෙන බවද සඳහන් කළේය.
මීට අමතරව විදේශ රැකියා නියෝජිතායතනය විසින් ගුවන් ටිකට්පත් අලෙවිකිරීමේ මධ්යස්ථානයක්ද ආරම්භ කර ඇති බවත්, එමගින් විදේශ රැකියා සඳහා පිටත්වන ශ්රමිකයින්ට වෙළඳපොලේ පවතින මිළට වඩා අඩු මුදලකට ගුවන් ටිකට්පත් මිළදී ගැනීමටද අවස්ථාව සලසා ඇති බවත් ප්රකාශ කළේය.
OPENING NEW DOORS TO GLOBAL CAREERS
JAPAN & UAE EMPLOYMENT OPPORTUNITIES
A significant press conference was held to announce new overseas employment opportunities for Sri Lankan job seekers in Japan and the UAE, opening new pathways towards international careers and better employment prospects.
The event was held with the participation of Mr. Lal Hettiarachchi, Chairman of the Sri Lanka Foreign Employment Agency, and Mr. Abayarathna, General Manager of the Sri Lanka Foreign Employment Agency.
During the press conference, key information regarding the latest job vacancies, recruitment opportunities, and employment pathways available in Japan and the UAE was shared with the media.
Connecting Sri Lankan talent with global opportunities.
Creating pathways to international employment opportunities, particularly in Japan and the UAE.
The Sri Lanka Foreign Employment Agency continues its commitment to connecting qualified Sri Lankan workers with safe, transparent, and rewarding overseas employment opportunities.
Stay connected with us for upcoming vacancy announcements and recruitment updates.
Your skills can take you beyond borders.
Your global career journey starts here.