Maru News

Call Directions

Maru News මඟ නොහැරුණු News

02/10/2026

වැරදි ලෙස ඉඳවූ පලතුරු හඳුනාගැනීම...
ශ්‍රී ලංකා පසු අස්වනු තාක්ෂණ කළමනාකරණ ආයතනයේ සභාපති මහාචාර්ය රෝහිත ප්‍රශාන්ත මහතා.
See less

02/10/2026
01/10/2026

ආසියානු මළල ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනූ රුමේෂ් තරංගට
ගුවන් තොටුපොලේදී උණුසුම් පිළිගැනීමක් !

වස විස පිරුණු ලෝකයක වස විසෙන් තොර වෙළෙඳපොළක් ගොඩනැගීමේ පළමු ජාතික වෑයම ලෙස අදට යෙදුණ ලෝක ළමා දිනයට සමඟාමීව  "වස විසෙන් ත...
01/10/2026

වස විස පිරුණු ලෝකයක වස විසෙන් තොර වෙළෙඳපොළක් ගොඩනැගීමේ පළමු ජාතික වෑයම ලෙස අදට යෙදුණ ලෝක ළමා දිනයට සමඟාමීව "වස විසෙන් තොර පලතුරු දරුවන්ට" විශේෂ ජාතික වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කිරීම සිදුකෙරිණ.

කෘත්‍රිමව පලතුරු ඉදවීම සඳහා නිවැරදි තාක්ෂණික ක්‍රමවේද තිබුණත්, වැඩි ලාභය සහ පහසුව අරමුණු කරගනිමින් සෞඛ්‍ය ආරක්ෂිත නොවන ක්‍රමවේද යොදාගනිමින් සහ ඇතැම් අහිතකර රසායනික යොදා ගනිමින් පලතුරු ඉදවීම සිදුකරන අවස්ථා ගෙවුණු වසර කිහිපය පුරාම කෘෂි බිමේත්, වෙළෙඳපොළේත් බොහෝවිට දකින්නට ලැබීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබේ.

මේ තත්ත්වයට තිත තබන්නට දැන් කාලය එළැඹ තිබේ.

පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පසු අස්වනු කළමනාකරණ ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, ආහාර පාලන පරිපාලන ඒකකය, හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය, ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍ය සංගමය ඇතුළු ආයතනවල සාමුහික ප්‍රයත්නයක් ලෙස " වස විසෙන් තොර පලතුරු දරුවන්ට" විශේෂ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඉදිරි සැලසුම් ප්‍රකාශයට පත් කෙරිණ.

සෞඛ්‍ය ආරක්ෂිත නිවැරදි ක්‍රමවේද යටතේ පලතුරු ඉදවීම සිදුකරන වෙළෙඳුන් ප්‍රමිතිකරණයට ලක් කර ශ්‍රේණිගත කරමින්, ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට වැරදි ක්‍රමවේද භාවිත කරමින් සහ අහිතකර රසායනික යොදා ගනිමින් පලතුරු ඉදවීම සිදුකරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති හා රෙගුලාසි සම්පාදනය සිදුකිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හරහා සිදුකිරීමට නියමිතයි.

උමා ඔය පහළ නිම්න සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කිරිඳි ඔය නිම්නයේ ඉදිකරන ලද කුඩා ඔය ජලාශය ජනතා අයිතියට පැවරීම කෘෂිකර්ම පශු සම්ප...
01/10/2026

උමා ඔය පහළ නිම්න සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කිරිඳි ඔය නිම්නයේ ඉදිකරන ලද කුඩා ඔය ජලාශය ජනතා අයිතියට පැවරීම කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ ඩි ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2026/10/01) දින සිදු කෙරිණි.

උමා ඔය පහළ නිම්න සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද විදුලි බලාගාරයේ විදුලි උත්පාදනයෙන් පසු නිකුත් කරන ජලය කිරිඳි ඔය ගංඟා ද්‍රෝණියට හැරවීමෙන් පසු එම ජලය අලිකොටආර, හඳපානාගල හා කුඩා ඔය යන ප්‍රධාන ජලාශ ත්‍රිත්වය හා බැදුණු මහා වාරි පද්ධතියක් ඔස්සේ මොනරාගල දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික කටයුතු හා පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමයි.

මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු මුදල රුපියල් මිලියන 22,017කි වන අතර, ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 5000ක් පමණ වේ.

උමා ඔය පහළ නිම්න සංවර්ධන ව්‍යාපෘතිය මඟින් හඳපානාගල වම් සහ දකුණු ඉවුරු ඇළ, අලිකොටආර හැරවුම් ඇළ මාර්ගය හා කුඩා ඔය සිංහලයාගම හැරවුම් ඇළ මාර්ගය යටතේ යල සහ මහ කන්න සඳහා අක්කර 21,038ක් සඳහා වාරි ජලය සැපයෙන අතර, වාර්ෂිකව ඝන මීටර මිලියන 10ක පමණ ප්‍රමාණයක් පානීය ජල අවශ්‍යතාවය සඳහා වෙන්කර තිබේ.

වැල්ලවාය සහ තණමල්විල ප්‍රදේශයේ උමා ඔය පහළ නිම්න සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පෝෂක ඇළ පද්ධති ඉදිකිරිම, වැඩිදියුණු කිරීම හා ග්‍රාමීය වැව් 58ක් හා ඊට අදාළ වාරි පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම හා පුනරුත්ථාපනය කිරීම සිදු කෙරේ.

තවද හම්බන්තොට දිස්ත්‍රික්කයේ කාර්මික හා කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජල සුරක්ෂිතතාවය තහවුරු කිරීම මෙන්ම ප්‍රධාන ජලාශවල ධීවර සමිති පිහිටුවා මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නඟා සිටුවීමට ද මෙම ව්‍යාපෘතිය කටයුතු කරයි.

මෙම අවස්ථාව සඳහා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මහතා,වෙළද,වාණිජ,ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රිනි චතුරි ගංගානි මහත්මිය, ඇතුළු දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන් සහ ගොවිමහතුන් එක්ව සිටියා.
📌️👌

29/09/2026

උන්ට නිල්පාට ලොරි බොඩි, අපිට 🤭
කතිරය මැව් වෙනසක අරුමේ.. 🫡

කොළඹ රථවාහන තදබදය අවම කරමින්, සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීම වෙනුවෙන් නව මෙට්‍රො බස් රථ 112ක් අද සිට ධා...
29/09/2026

කොළඹ රථවාහන තදබදය අවම කරමින්, සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීම වෙනුවෙන් නව මෙට්‍රො බස් රථ 112ක් අද සිට ධාවනයට

• මෙට්‍රො බස් රථ සේවය ස්ථාපිත කිරීමට රජය රුපියල් බිලියන 7.5ක් වැය කළා, එය රටේ ආර්ථික ශක්තිමත්භාවයේ සංකේතයක්

- ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා

කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත් සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, බස්නාහිර පළාතේ මාර්ග 7ක් ඔස්සේ අලුතින් හඳුන්වා දුන් මෙට්‍රො බස් රථ 112ක් ධාවනයට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ තලංගම මෙට්‍රො බස් ඩිපෝ පරිශ්‍රයේදී සිදු කෙරිණි.

නවීන මෙට්‍රො බස් සේවාවක් හඳුන්වාදීමේ වැඩපිළිවෙළ 2025 අයවැය යෝජනාවක් ලෙස ආරම්භ කෙරුණු අතර, ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයට නවීන බස් සේවාවක් හඳුන්වාදීම සඳහා සුවපහසු පහත තට්ටු බස් රථ 100ක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 3,000ක ප්‍රතිපාදන වෙන් කරන ලදී. ඒ අනුව මෙරටට ලැබුණු බස් රථ 104ක් සහ ජපන් රජය මගින් ලබා දෙන ලද බස් රථ 08ක් අද සිට මෙලෙස ධාවනයට එක් කෙරිණි.

මෙම නව බස් රථ කොළඹ කේන්ද්‍ර කරගත් මාර්ග 7ක් ඔස්සේ ධාවනය වන අතර, මගීන්ට නියමිත මාර්ග සහ වේලාවන් අනුව තම ගමනාන්ත වෙත ළඟා වීමට හැකි වන පරිදි සේවාවන් ක්‍රියාත්මක කෙරේ.

කොළඹට ඇතුළු වන පෞද්ගලික වාහන සංඛ්‍යාව, විශේෂයෙන්ම එක් මගියෙකු පමණක් ගමන් කරන වාහන සංඛ්‍යාව අවම කිරීම මෙම නව බස් රථ සේවාව හඳුන්වා දීමේ ප්‍රධාන අරමුණකි.

එම යෝජනාව යථාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් ස්ථාපිත කරන ලද ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පෞද්ගලික) සමාගම (LANKA METRO TRANSIT PVT) මේ වන විට සැලසුම්කරණ, ප්‍රසම්පාදන, යටිතල පහසුකම් සංවර්ධන සහ පරීක්ෂණ මෙහෙයුම් අදියර ඔස්සේ ප්‍රගතියක් අත්පත් කරගෙන තිබේ. ඒ අනුව ආරම්භක මෙට්‍රෝ බස් මාර්ග ජාලය අවසන් කර ඇති අතර, එය ප්‍රධාන මාර්ග 7කින් සමන්විත වන අතර සමස්ත මාර්ග කොරිඩෝවෙහි දිග ආසන්න වශයෙන් කි.මී. 188.7කි.

එසේම මෙට්‍රො බස් මෙහෙයුම් සඳහා අවශ්‍ය සම්පූර්ණ ඩිජිටල්කරණ පද්ධතියේ සැලසුමද අවසන් කර ඇති අතර එහි ප්‍රසම්පාදන ක්‍රියාවලියද ආරම්භ කර තිබේ. මෙම පද්ධතිය නවීන බස් රථ සමූහ කළමනාකරණය, මගී තොරතුරු, ගාස්තු එකතු කිරීම සහ මෙහෙයුම් අධීක්ෂණය සඳහා සහාය වීම අපේක්ෂා කෙරේ.

ඊට සමගාමීව මෙට්‍රො බස් ඩිපෝ සඳහා සැලසුම් අවසන් කර ඇති අතර ඉදිකිරීම් සහ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන ආරම්භ කර තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව මගින් බස් නැවතුම්පොළ පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතුද සිදු කෙරේ.

ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය මෙරට ප්‍රධාන නගර කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා;

අද සිට නාගරික ප්‍රවාහනය වෙනුවෙන් බස් රථ 122ක් පොදු ප්‍රවාහන සේවයට එක් වෙනවා. මේ ආණ්ඩුව පත් වී වසර දෙකක් සම්පූර්ණ වන මොහොතේ මේ රට ගමන් කරන දිශානතිය පෙන්වා දෙන සංකේතයක් ලෙස මෙම අවස්ථාව හඳුන්වා දීමට කැමතියි.

මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය, අධ්‍යාපනය හා සමාන මට්ටමක පොදු ප්‍රවාහන සේවයත් තැබිය යුතු බව පසුගිය දිනෙක ජනාධිපතිවරයා සමඟ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී එතුමා අවධාරණය කළා. එතුමාගේ ඒ දිරිගැන්වීම අද මේ පියවර සඳහා විශාල ශක්තියක් වී තිබෙනවා.

මෙට්‍රො සේවය ස්ථාපිත කිරීම වෙනුවෙන් රජය රුපියල් බිලියන හත හමාරක් පමණ යොදවා තිබෙනවා.

එක් අතකින් එය රටේ ආර්ථික ශක්තිමත්භාවයේ සංකේතයක් බවද කිව යුතුයි. මේ රජයේ වසර 2ක ගමනේ ලිට්මස් පරීක්ෂාවෙන් අප සමත් වී ඇති බව ඉන් තහවුරු වෙනවා. අප මේ කාර්යය සඳහා ගත කර තිබෙන්නේ වසරකටත් වඩා අඩු කාලයක්. දවස් 356ක් වැනි කාලයක් තුළ සියලු චක්‍රලේඛද අනුගමනය කරමින් අපි විශාල අභියෝගයක් ජය ගෙන තිබෙනවා.

සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර තවත් බස් රථ 50ක් ගෙන්වා යාපනය, මහනුවර සහ ගාල්ල නගරාන්තර සේවයට යෙදවීමටත් අපි බලාපොරොත්තු වෙනවා. නගරාන්තර වාහන තදබදය අවම කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මෙට්‍රො සේවය ව්‍යාප්ත කිරීමේ දී නාගරික ප්‍රවාහන බලපත්‍ර ක්‍රමයක් උපයෝගී කර ගත යුතුයි. ඉන්පසු අප මේ සඳහා පුද්ගලික අංශයක් එක් කර ගැනීමට අපේක්ෂා කරනවා. ඒ වගේම Park & Ride ක්‍රමය ප්‍රවර්ධනය කිරීම සඳහා අදාළ බස්නැවතුම්පොළ සමීපයේ රථවාහන ගාල් කිරීමට සුදුසු ස්ථාන ස්ථාපිත කර දෙන මෙන් නගරාධිපතිවරුන්ගෙන් ඉල්ලා සිටීමට කැමතියි.

ඒ වගේම අපිට මේ බස් රථ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා බස් රථ 08ක් ලබා දෙමින් ජපාන රජය විශේෂ සහයෝගය ලබා දුන්නා. ඒ වගේම ජනාධිපතිතුමා චීනයේ සිදු කළ සංචාරයේදී සිදු කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙට්‍රෝ සමාගමට බස් රථ 100ක් ලබා දීමට චීන රජය එකඟතාව පළ කර තිබෙනවා. එම සියලු දෙනාටත් මේ වෙනුවෙන් කැපවු සියලු පාර්ශ්වයන් වෙතත් මාගේ ස්තූතිය පුද කරනවා.

ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් යන මහත්වරු සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, විදෙස් තානාපතිවරුද, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනකරත්න යන මහත්වරු සහ රාජ්‍ය නිලධාරීහුද, ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් ආයතනයේ සභාපති එස්.එම්.යූ.පී. තිලකරත්න, ප්‍රධාන විධායක නිලධාරී බී.එම්. පියතිලක යන මහත්වරු සහ එහි කාර්යමණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

கொழும்பு நகரின் போக்குவரத்து நெரிசலைக் குறைப்பதற்கும், வசதியான மற்றும் பாதுகாப்பான பொதுப் போக்குவரத்து சேவையை வழங்குவதற்காகவும் 112 புதிய மெட்ரோ பஸ்கள் இன்று முதல் சேவையில்

• மெட்ரோ பஸ் சேவையை ஸ்தாபிப்பதற்காக அரசாங்கம் 7.5 பில்லியன் ரூபாயைச் செலவிட்டுள்ளது. இது நாட்டின் பொருளாதார ஸ்திரத்தன்மையின் அடையாளமாகும்.

- போக்குவரத்து, நெடுஞ்சாலைகள் மற்றும் நகர அபிவிருத்தி அமைச்சர் பிமல் ரத்நாயக்க

கொழும்பு நகரில் போக்குவரத்து நெரிசலைக் குறைப்பதுடன், மிகவும் வசதியான மற்றும் பாதுகாப்பான பொதுப் போக்குவரத்து சேவையை வழங்கும் நோக்கில், மேல் மாகாணத்தில் உள்ள 7 வீதிகளின் ஊடாக புதிதாக அறிமுகப்படுத்தப்பட்ட 112 மெட்ரோ பஸ்களை சேவையில் இணைக்கும் நிகழ்வு ஜனாதிபதி அநுர குமார திசாநாயக்கவின் தலைமையில் இன்று (29) முற்பகல் தலங்கம மெட்ரோ பஸ் டிப்போ வளாகத்தில் இடம்பெற்றது.

நவீன மெட்ரோ பஸ் சேவையை அறிமுகப்படுத்தும் வேலைத்திட்டம் 2025 ஆம் ஆண்டுக்கான வரவு-செலவுத் திட்ட முன்மொழிவுக்கு அமைவாக ஆரம்பிக்கப்பட்டதுடன், இலங்கையின் பொதுப் போக்குவரத்து துறைக்கு நவீன பஸ் சேவையை அறிமுகப்படுத்துவதற்காக வசதியான தாழ்தள 100 பஸ்களைக் கொள்வனவு செய்வதற்கு 3,000 மில்லியன் ரூபாய் நிதி ஒதுக்கீடு செய்யப்பட்டது. அதற்கமைய, நாட்டை வந்தடைந்த 104 பஸ்களும், ஜப்பான் அரசாங்கத்தினால் வழங்கப்பட்ட 08 பஸ்களும் இன்று முதல் இவ்வாறு சேவையில் இணைக்கப்பட்டன.

இந்தப் புதிய பஸ்கள் கொழும்பை மையமாகக் கொண்ட 7 வீதிகளின் ஊடாக இயக்கப்படுவதுடன், பயணிகள் குறிப்பிட்ட வீதிகள் மற்றும் நேர அட்டவணைகளின்படி தங்களது செல்லிடங்களை சென்றடையும் வகையில் சேவைகள் செயற்படுத்தப்படும்.

கொழும்புக்குள் பிரவேசிக்கும் தனிநபர் வாகனங்களின் எண்ணிக்கை மற்றும் குறிப்பாக ஒருவர் மட்டும் பயணிக்கும் வாகனங்களின் எண்ணிக்கையைக் குறைப்பதும் இந்தப் புதிய பஸ் சேவையை அறிமுகப்படுத்துவதன் முக்கிய நோக்கமாகும்.

குறித்த பரிந்துரையை யதார்த்தமாக்குவதற்காக ஸ்தாபிக்கப்பட்ட லங்கா மெட்ரோ டிரான்சிட் (தனியார்) நிறுவனம் (LANKA METRO TRANSIT PVT), தற்போது திட்டமிடல், கொள்முதல், உட்கட்டமைப்பு மேம்பாடு மற்றும் பரிசோதனை செயற்பாட்டு கட்டங்கள் ஊடாக முன்னேற்றங்களை எட்டியுள்ளது. அதற்கமைய, ஆரம்பகட்ட மெட்ரோ பஸ் வீதி வலையமைப்பு தயாரிக்கப்பட்டுள்ளதோடு , அது 7 பிரதான வீதிகளை உள்ளடக்கும் வகையில் முன்னெடுக்கப்பட உள்ளதோடு முழு வீதி அணுகளின் நீளம் சுமார் 188.7 கி.மீ. ஆகும்.

மேலும், மெட்ரோ பஸ் பயணங்களுக்குத் தேவையான முழுமையான டிஜிட்டல் மயமாக்கல் கட்டமைப்புத் திட்டம் பூர்த்தி செய்யப்பட்டுள்ளதுடன், அதன் கொள்முதல் செயற்பாடுகளும் ஆரம்பிக்கப்பட்டுள்ளன. இந்த கட்டமைப்பின் ஊடாக நவீன பஸ் முகாமைத்துவம் , பயணிகளின் தகவல், கட்டண அறவீடு மற்றும் செயற்பாட்டுக் கண்காணிப்பு ஆகியவற்றுக்கு ஒத்துழைப்புப் பெற எதிர்பார்க்கப்படுகிறது.

இதற்கு இணையாக, மெட்ரோ பஸ் டிப்போக்களுக்கான திட்டங்கள் பூர்த்தி செய்யப்பட்டுள்ளதுடன், நிர்மாணப் பணிகள் மற்றும் உட்கட்டமைப்பு மேம்பாட்டுத் திட்டமும் ஆரம்பிக்கப்பட்டுள்ளது. வீதி அபிவிருத்தி அதிகாரசபை மற்றும் கொழும்பு மாநகர சபை ஆகியவற்றின் ஊடாக பஸ் நிலைய வசதிகளை மேம்படுத்தும் பணிகளும் மேற்கொள்ளப்பட்டு வருகின்றன.

எதிர்காலத்தில் இத்திட்டம் இலங்கையின் பல முக்கிய நகரங்களை மையமாகக் கொண்டு நடைமுறைப்படுத்தப்படவுள்ளது.

இங்கு உரையாற்றிய போக்குவரத்து, நெடுஞ்சாலைகள் மற்றும் நகர அபிவிருத்தி அமைச்சர் பிமல் ரத்நாயக்க:
இன்று முதல் நகர்ப்புற போக்குவரத்திற்காக 112 பஸ்கள் பொதுப் போக்குவரத்து சேவையில் இணைக்கப்படுகின்றன. இந்த அரசாங்கம் பதவியேற்று இரண்டு ஆண்டுகள் நிறைவடையும் இந்தத் தருணத்தில், இந்நாடு பயணிக்கும் திசையைக் காட்டும் ஒரு குறியீடாக இந்த நிகழ்வை அடையாளப்படுத்த விரும்புகிறேன்.

இந்நாட்டின் இலவச சுகாதார சேவை மற்றும் கல்விச் சேவை ஆகியவற்றிற்கு சமமான மட்டத்தில் பொதுப் போக்குவரத்து சேவையையும் உயர்த்த வேண்டும் என்று கடந்த நாட்களில் ஜனாதிபதியுடன் நடைபெற்ற முன்னேற்ற மீளாய்வுக் கூட்டத்தில் அவர் வலியுறுத்தினார். அவரின் அந்த ஊக்குவிப்பு இன்று இந்த நடவடிக்கைக்கான பாரிய சக்தியாக அமைந்துள்ளது.

மெட்ரோ சேவையை நிறுவுவதற்காக அரசாங்கம் சுமார் 7.5 பில்லியன் ரூபாயை முதலீடு செய்துள்ளது. ஒரு புறம் இது நாட்டின் பொருளாதார பலத்தின் அடையாளம் என்றும் கூற வேண்டும். இந்த அரசாங்கத்தின் 2 ஆண்டுப் பயணத்தின் லிட்மஸ் பரிசோதனையில் நாம் வெற்றி பெற்றுள்ளோம் என்பதை இது உறுதிப்படுத்துகிறது. இந்த வேலைதிட்டத்திற்காக நாம் ஒரு வருடத்திற்கும் குறைவான காலத்தையே எடுத்துக்கொண்டோம். 356 நாட்கள் போன்ற காலப்பகுதிக்குள் அனைத்து சுற்றறிக்கைகளையும் பின்பற்றி நாம் ஒரு பெரிய சவாலை வென்றுள்ளோம்.

சிங்கள-தமிழ் புத்தாண்டுக்கு முன்னர் மேலும் 50 பஸ்களைக் தருவித்து யாழ்ப்பாணம், கண்டி மற்றும் காலி நகரங்களில் சேவையில் ஈடுபடுத்தவும் எதிர்பார்க்கிறோம். நகரங்களுக்கு இடையிலான போக்குவரத்து நெரிசலைக் குறைக்கும் நோக்கத்தை அடைவதற்காக மெட்ரோ சேவையை விரிவுபடுத்தும்போது, நகர்ப்புற போக்குவரத்து அனுமதிப் பத்திர முறையைப் பயன்படுத்த வேண்டும். அதன் பிறகு இதில் தனியார் துறையையும் இணைத்துக் கொள்ள எதிர்பார்க்கிறோம். அத்துடன் Park & Ride முறையை மேம்படுத்துவதற்காக, தொடர்புடைய பஸ் தரிப்பிடங்களுக்கு அருகில் வாகனங்களை நிறுத்துவதற்குப் பொருத்தமான இடங்களை அமைத்துத் தருமாறு நகராதிபதிகளிடம் வேண்டுகோள் விடுக்கிறேன்.

மேலும், இந்த பஸ் திட்டத்தைத் தொடங்குவதற்காக 8 பஸ்களை வழங்கி ஜப்பான் அரசாங்கம் சிறந்த ஒத்துழைப்பை வழங்கியுள்ளது. அதேபோல் ஜனாதிபதி சீனாவுக்கு மேற்கொண்ட விஜயத்தின் போது நடத்தப்பட்ட பேச்சுவார்த்தைகளின் பிரதிபலனாக, மெட்ரோ நிறுவனத்திற்கு 100 பஸ்களை வழங்க சீன அரசாங்கம் இணக்கம் தெரிவித்துள்ளது. அவர்கள் உட்பட, இதற்காக அர்ப்பணிப்புடன் செயற்பட்ட அனைத்துத் தரப்பினருக்கும் எனது நன்றியைத் தெரிவித்துக் கொள்கிறேன்" என்றும் தெரிவித்தார்.

மேல் மாகாண ஆளுநர் ஹனீப் யூசுப், போக்குவரத்து மற்றும் நெடுஞ்சாலைகள் பிரதி அமைச்சர் வைத்தியர் பிரசன்ன குணசேன, நகர அபிவிருத்தி பிரதி அமைச்சர் எரங்க குணசேகர, , கொழும்பு மாவட்ட பாராளுமன்ற உறுப்பினர்கள், வெளிநாட்டுத் தூதுவர்கள், போக்குவரத்து, நெடுஞ்சாலைகள் மற்றும் நகர அபிவிருத்தி அமைச்சின் செயலாளர் பொறியியலாளர் ஆசிறி கருணாவர்தன, இலங்கை போக்குவரத்து சபையின் தலைவர் சஜீவ நந்தன கனகரத்ன உட்பட அரச அதிகாரிகளும், லங்கா மெட்ரோ டிரான்சிட் நிறுவனத்தின் தலைவர் எஸ்.எம்.யு.பி. திலகரத்ன, பிரதம நிறைவேற்று அதிகாரி பி.எம். பியதிலக்க மற்றும் அதன் ஊழியர்களும் இந்நிகழ்வில் கலந்து கொண்டனர்.

112 new Metro buses deployed from today to ease Colombo traffic congestion and provide a comfortable and safe public transport service

• Government invested Rs. 7.5 billion to establish Metro Bus service, a symbol of the country’s economic strength

- Minister of Transport, Highways and Urban Development Bimal Rathnayake

A total of 112 newly introduced Metro buses were deployed today (29) along seven routes in the Western Province, with the aim of reducing traffic congestion in Colombo and providing a more comfortable and safer public transport service. The deployment took place this morning at the Thalangama Metro Bus Depot under the patronage of President Anura Kumara Dissanayake.

The programme to introduce a modern Metro Bus service was initiated as a proposal in the 2025 Budget, with an allocation of Rs. 3,000 million for the procurement of 100 comfortable low-floor buses to introduce a modern bus service to Sri Lanka’s public transport sector. Accordingly, 104 buses received by Sri Lanka and eight buses provided by the Government of Japan were deployed into service from today.

The new buses will operate along seven routes centred on Colombo, with services being operated according to designated routes and timetables, enabling passengers to reach their destinations on schedule.

One of the main objectives of introducing the new bus service is to reduce the number of private vehicles entering Colombo, particularly vehicles carrying only a single passenger.

Lanka Metro Transit (Pvt) Ltd, which was established to turn this proposal into reality, has now progressed through the planning, procurement, infrastructure development and trial-operation stages. Accordingly, the initial Metro Bus route network has been finalised, comprising seven main routes with a total corridor length of approximately 188.7 kilometres.

The design of the fully digitalised system required for Metro Bus operations has also been completed, and the procurement process has commenced. The system is expected to support modern fleet management, passenger information, fare collection and operational monitoring.

Meanwhile, plans for the Metro Bus depots have been completed, and the construction and infrastructure development programme has commenced. The Road Development Authority and the Colombo Municipal Council are also carrying out work to develop bus-stop facilities.

The project is scheduled to be implemented in the future with a focus on several major cities across the country.

Addressing the gathering, Minister of Transport, Highways and Urban Development Bimal Rathnayake said;

“From today, 122 buses will be added to the public transport service for urban transportation. As this Government completes two years in office, I would like to describe this occasion as a symbol of the direction in which the country is moving.

At a recent progress review meeting held with the President, he emphasised that public transport should be placed on the same level as this country’s free healthcare and education systems. His encouragement has been a great source of strength in taking this step today.

The Government has invested approximately Rs. 7.5 billion to establish the Metro service.

On the one hand, this can be described as a symbol of the country’s economic strength. It confirms that we have passed the litmus test during the Government’s two-year journey. We have taken less than a year to accomplish this task. Within a period of around 356 days, we have overcome a major challenge while adhering to all relevant circulars.

We also hope to bring in another 50 buses before the Sinhala and Hindu New Year and deploy them on inter-city services to Jaffna, Kandy and Galle.
To achieve the objective of reducing inter-city traffic congestion as the Metro service is expanded, an urban transport permit system should be utilised. We subsequently expect to bring the private sector into this programme.

I would also like to request mayors to establish suitable locations for vehicle parking close to the relevant bus stops in order to promote the Park-and-Ride system.
The Government of Japan also provided special assistance to us by providing eight buses to launch this bus project. In addition, as a result of discussions held during the President’s visit to China, the Chinese Government has agreed to provide 100 buses to the Metro company.

I extend my gratitude to all those who contributed to this initiative and to all parties who dedicated themselves to making it a success.”

Deputy Minister of Transport and Highways Dr Prasanna Gunasena, Deputy Minister of Urban Development Eranga Gunasekara, Western Province Governor Hanif Yusoof, Colombo District Members of Parliament, foreign ambassadors, Secretary to the Ministry of Transport, Highways and Urban Development Engineer Asiri Karunawardena, Chairman of the Sri Lanka Transport Board Sajeeva Nandana Kanakaratne, government officials, Chairman of Lanka Metro Transit S.M.U.P. Thilakaratne, Chief Executive Officer B.M. Piyatilaka and members of the company’s staff were also present at the occasion.

" කතරගම ගෙස්ටුපාන වැව ප්‍රතිසංස්කරණය - ලක්ෂ 860ක ප්‍රතිපාදන යටතේ සංවර්ධනය කිරීම ආරම්භ කෙරේ 🌾" ​"සශ්‍රීක කතරගමක් - ශක්තිම...
29/09/2026

" කතරගම ගෙස්ටුපාන වැව ප්‍රතිසංස්කරණය - ලක්ෂ 860ක ප්‍රතිපාදන යටතේ සංවර්ධනය කිරීම ආරම්භ කෙරේ 🌾"

​"සශ්‍රීක කතරගමක් - ශක්තිමත් ගොවි ජනතාවක්" යන අරමුණ පෙරදැරිව ප්‍රදේශයේ සමස්ත ආර්ථිකය බලගන්වමින් "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" තේමාව යටතේ කතරගම ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයට සහ ප්‍රදේශවාසීන්ගේ අනාගත සමෘද්ධියට සෘජු ශක්තියක් වෙමින්, ගෙස්ටුපාන වැව ප්‍රතිසංස්කරණය කිරීමේ සංවර්ධන ව්‍යාපෘතිය 28 වන දින සුබ මොහොතින් ආරම්භ කරන ලදී.

​මෙම සංවර්ධන ව්‍යාපෘතිය මගින්:
🔹 ඇළ වේලි සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීම.
🔹 වැව් බැම්ම, රළපනාව සහ සොරොව් 2ක් යථා තත්ත්වයට පත්කිරීම.
🔹 පිටවාන සකස් කිරීම සහ කාලාන්තරයකින් ඉවත් නොකළ රොන්මඩ ඉවත් කිරීම සිදුවේ.

​මෙම ආරම්භක අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර මහතා, කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය, ගොවිජන සේවා සහකාර කොමසාරිස්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ගොවි සංවිධාන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්වූහ.

​ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරමින් සශ්‍රීක හෙට දවසක් වෙනුවෙන් අප රජය කැපවී සිටිමු! 🤝🌾

Address

St Michel's Road
Kollupitiya
0094

Telephone

0702845934

Website

Alerts

Be the first to know and let us send you an email when Maru News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share