Maru News

Maru News මඟ නොහැරුණු News

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ දිස්ත්‍රික් අනු කමිටු රැස්වීම - මොනරාගල දිස්ත්‍රික්කය.================================...
01/09/2026

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ දිස්ත්‍රික් අනු කමිටු රැස්වීම - මොනරාගල දිස්ත්‍රික්කය.
===================================

දරුවන් හා කාන්තාවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා කමිටු යාන්ත්‍රණය තුළින් ප්‍රතිපත්ති සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සේවාවන් සපයන; දිස්ත්‍රික් මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රගතිය සමාලෝචනය කරමින් ඔවුන් මුහුණ දෙන අභියෝගවලට විසඳුම් යෝජනා ඉදිරිපත් කිරිමේ රැස්වීමක් අද දින කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් ‍මහත්මියගේ ප්‍රධානත්වයෙන් මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙහිදී, අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තුවල නිලධාරීන් ප්‍රගතිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය, අධ්‍යාපන,මුල් ළමාවිය,පරිවාස යන අංශ යටතේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලදී.

සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ අදහස් දක්වමින් මොණරාගල විශේෂඥ අධිකරණ වෛද්‍ය තුමිය ප්‍රකාශ කළේ දිස්ත්‍රික්කය තුළ ළමා අපචාර,ස්ත්‍රී දුෂණ,ගෘහස්ථ හිංසනයට ලක්වන කාන්තාවන් වාර්තාවන බවත්, හදිසි අනතුරුවල වැඩිවීමක් වාර්තා වන බවත්,පන්සල් නියාමනය නොවීම හේතුවෙන් අමානුෂික පහරදීම් වාර්තා වන බවත්,රෝහලේ "මිතුරු පියස" ආරම්භ කර ඇති අතර "යොවුන් පියස" ආරම්භ කිරීමට පියවර ගැනීම සුදුසු බවත්,ළමා හා යොවුන් වියේ දරුවන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා මානසික වෛද්‍යවරයකු නොමැති වීම ගැටලුවක් බවත්,වයස අවු:18 ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශගත වීම හේතුවෙන් ගැටලු රාශියක් මතුවන බැවින් ඒ සඳහා නියාමනයක් ඇති කළ යුතු බවත් මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,
අනිවාර්ය අධ්‍යාපන කමිටුව පිහිටුවීම හේතුවෙන් නොකඩවා පාසල් නොපැමිණීමේ 2019 වර්ෂයේ 7% ප්‍රතිශතය 2024 වන විට 2% බවට අඩුවී ඇති බවත්,උපදේශන ගුරුවරුන් 162 හිඟයක් පවතින බවත්,සියලුම ගුරුවරුන් පුහුණු කිරීමේදී,
● දරුවන්ගේ ආරක්ෂාව
● මානසික සෞඛ්‍ය
● පෝෂණය
● මත්ද්‍රව්‍යය භාවිතයෙන් වැළැක්වීම
● සමාජ මාධ්‍යය මඟින් වන හානිය
පිළිබඳ දැනුවත් කිරීමට උපදෙස් ලබා දී ඇති බවත්,"විශේෂ පාසල්" වෙනම පනතකින් ආරම්භ කර ඇති බැවින් පරිපාලන කටයුතු සිදුකිරීමේදී ගැටලු මතුවන බැවින් එම පනත් අලුත් කළ යුතු බවත් ප්‍රකාශ කරන ලදී.
කතරගම පෙරහැර කාලයේදී හා හේන් ගොවිතැන් කරන කාලයේදී දරුවන්ගේ පාසල් පැමිණීමේ අඩුවීමක් දැකිය හැකි බවත්,පරිවාස ගත වූ දරුවන්ගේ මානසික සුවතාවය ඇති කරලීම සඳහා පියවර ගත යුතු බවත්,මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයන් තුළින් ප්‍රමිති ගත අධ්‍යාපනයක් ඇති කිරීමට පියවර ගන්නා බවත් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී.

මෙම වැඩසටහනේ දී අදහස් දක්වමින් ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් ‍මහත්මිය ප්‍රකාශ කළේ,
● දරුවන්ට සිදුවන කායික දණ්ඩනය වැළැක්වීමට පියවර ගෙන ඇති බවත්
● දරුවන් ලෙස සැලකෙන වයස් සීමාවේ නීතිමය රාමුවේ පවතින හිඩැස් සම්පූර්ණ කිරීමට ඉදිරි පියවර ගන්නා බවත්
● මුල් ළමාවිය අධ්‍යාපනය අනිවාර්ය අධ්‍යාපනයට එකතු කරන බවත්
● රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ දී කිසිදු ළමා අපචාරයකට සම්බන්ධ නොමැති බවට "පොලිස් සහතිකයක්" ඉදිරියේදී අනිවාර්ය වන බවත්
● ළමයින් සම්බන්ධ ප්‍රවේශයක් සහිත රැකියාවේ නිරත සියලු දෙනා "ළමා අපයෝජනයකට සම්බන්ධ නොවන බවට"ඉදිරියේදී බලපත්‍රයක් ගෙන එය අවුරුදු පහෙන් පහට අලුත් කර ගත යුතු බවත්
● අනිවාර්ය අධ්‍යාපන වයසේ දරුවන් පාසල් නොයවන්නේ නම් දෙමාපියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බවත්
● බිඳුනු පවුලකින් පිරුණු ළමයෙකු කිසිසේත්ම බිහි නොවන බවත්
ප්‍රකාශ කළේය.

ගම් වල අඩු ආදායම්ලාභීන්ගෙන් සමන්විත කාන්තා කාර්ය සංවිධාන හරහා පවුල් උපදේශනය ලබා දී ඒකාබද්ධ යාන්ත්‍රණයක් තුළින් නිලධාරීන් එක්ව දරුවන් ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතු බවත්,
ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රවාහන දීමනාව වැඩි කිරීමටත්,ළමා ආරක්ෂක නිලධාරීන්ගේ හිඟය අවම කිරීමට උත්සාහ ගන්නා බවත් ඇමතිතුමිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති,වෙළඳ,වාණිජ,ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය හා මොණරාගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම් ජයවර්ධන මැතිතුමා, මොණරාගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනී එම්.ඒ.සී.එස්.චතුරි ගංගානි මැතිතුමිය,මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.ජී.නිශාන්ත මහතා,මොණරාගල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කැලුම් නිශාන්ත මහතා,ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ වසන්ත හේරත් මහතා,ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ,ඌව පළාත් පරිවාස කොමසාරිස්,මොනරාගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී,මොනරාගල, වැල්ලවාය, බිබිල,තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්,පරිවාස නිලධාරී දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන්,ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්,ළමා ආරක්ෂක නිලධාරීන්,වනිතා සංවර්ධන නිලධාරීන්,උපදේශන නිලධාරීන් සහභාගි වූ අතර ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම අවස්ථාවට සහභාගී විය.

දින 200ක යුද මෙහෙයුම් වලින් පසු USS Abraham Lincoln නෞකාව තායිලන්තයට!
01/09/2026

දින 200ක යුද මෙහෙයුම් වලින් පසු USS Abraham Lincoln නෞකාව තායිලන්තයට!

01/09/2026

අද දින දඩුවම එලෙසම ක්‍රියාත්මක වුණොත්**
ප්‍රියංකර ජයරත්න
හත් අවුරුදු සිර දඩුවම නිමා කර නිදහස් වන දිනය
2031.05.12

ආණ්ඩුව දෙවසර පූර්ණ කැම්පේන් එක පටන් ගනී.. #අපේආණ්ඩුව  #நமதுஅரசாங்கம்
01/09/2026

ආණ්ඩුව දෙවසර පූර්ණ කැම්පේන් එක පටන් ගනී..

#අපේආණ්ඩුව

#நமதுஅரசாங்கம்

01/09/2026

ගෑස් සහ පෙට්‍රෝලියම් ගවේෂණයට කටයුතු කිරීම රජය විසින් ගත් කාලෝචිත පියවරක්

31/08/2026

පහළ මල්වතු ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට ඡනාධිපති අනුර කුමාර දිසානයක මහතා සහභාගී වෙයි.

31/08/2026

2026 ඇසළ පෙරහර සාර්ථක කර ගැනීම වෙනුවෙන් දායක වූ සැම අගය කිරීමට ප්‍රථම වරට පවත්වනු ලබන ශ්‍රම පුජා බැතිබර උපහාර උළෙල සජිවී විකාශනය.

🔴 Breaking News -  සැප්තැම්බර් මාසයට අදාලව ඉන්ධන මිල සංශෝධනය වෙයි
30/08/2026

🔴 Breaking News - සැප්තැම්බර් මාසයට අදාලව ඉන්ධන මිල සංශෝධනය වෙයි

30/08/2026

අපේ ජාතියේ ආත්මය මරා දමන පෙරහර තහනමක් ගැන නැවත දේශපාලන වේදිකාවේ කතා නොකළ යුතුයි.

30/08/2026

කොච්චර කල්ද දැන් අවුරුදු මේ... හැට නවය පුතේ !

Address

St Michel's Road
Kollupitiya
0094

Telephone

0702845934

Website

Alerts

Be the first to know and let us send you an email when Maru News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share