Jobs in polonnaruwa

Jobs in polonnaruwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Jobs in polonnaruwa, Recruiter, Crown Building, Polonnaruwa.

රැකියාවක නිරත ඔබ වෙනුවෙන් හා තවමත් රැකියාවක් අපේක්ෂිත මාතලේ අවට ඔබ වෙනුවෙන්ම වෙන්වූ පූර්ණ හා අර්ධ කාලීන සුවිශේෂී රැකියා ...
18/10/2021

රැකියාවක නිරත ඔබ වෙනුවෙන් හා තවමත් රැකියාවක් අපේක්ෂිත මාතලේ අවට ඔබ වෙනුවෙන්ම වෙන්වූ පූර්ණ හා අර්ධ කාලීන සුවිශේෂී රැකියා අවස්ථාවක්...
ලොව ප්‍රමුඛ පෙලේ මූල්‍ය හා රැකවරණ සේවා සමාගමක පොලොන්නරුව ශාඛාවේ සීමිත පුරප්පාඩු කීපයක් සදහා බදවා ගැනීම්...
සම්මුඛ පරීක්ෂණයක් සදහා දිනයක් වෙන්කර ගැනීමට ඔබගේ නම, දුරකතන අංකය, වයස පහත දුරකතන අංකයට SMS කරන්න
076-9101159

#පොලොන්නරුව #රැකියා

14/10/2021

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සුවහසක් රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ගේ රැකියා සිහිනය සැබෑ කිරීමත් ඔවුන්ගේ අපේක්ෂිත අරමුණු සිහිනයක් නොවන්නට අවශ්‍ය දැනුම හා මාර්ගෝපදේශයන් ලබා දීම අප අරමුණයි.

රැකියාවක නිරත ඔබ වෙනුවෙන් හා තවමත් රැකියාවක් අපේක්ෂිත පොලොන්නරුව අවට ඔබ වෙනුවෙන්ම වෙන්වූ පූර්ණ හා අර්ධ කාලීන සුවිශේෂී රැකියා අවස්ථාවන් රැසක්.

Page එක like කොට අප සමග එකතුවන්න

https://www.facebook.com/Jobs-in-polonnaruwa-106476285150642/ #පොලොන්නරුව #රැකියා #රැකියාඇබෑර්තු

Recruiter

ලංකාවේ තැඹිලි වතුර ලෝකයට යවලා යෝධ සටනක් ජයගත්ත අපේ කෙනෙක්...ඔහුගේ ජීවිත කතාව පොතකට නැගුවොත් එහි පරිච්ජේද වැඩි ගණනක් ලියැ...
14/10/2021

ලංකාවේ තැඹිලි වතුර ලෝකයට යවලා යෝධ සටනක් ජයගත්ත අපේ කෙනෙක්...

ඔහුගේ ජීවිත කතාව පොතකට නැගුවොත් එහි පරිච්ජේද වැඩි ගණනක් ලියැවෙන්නේ නොපසුබස්නා වීරිය ගැනය. අතරමැද එකම එක පරිච්ඡේදයක් වාසනාව ගැනද, තවත් එකක් ජයග‍්‍රහණය ගැනද එතනින් අනතුරු කලකිරීම් ගැනද ලියමින් කතාව පෙළගස්වන්නට පුළුවන. ඒත් අනාගතේ දවසක ඒ ජීවිත කතාව නියතවම නිමවෙන්නේ හීනයක් ලූහුබැඳ ජය ලැබූ මිනිසකුගේ කතාවක් හැටියටය.

මේ කතාව ලියැවෙන්නේ පානදුර අළුබෝමුල්ලේ හරින්ද්‍ර මහකුමාර ගැනය. ඔහු අද දේශදේශාන්තරවලට ලංකාවේ තැඹිලි වතුරේ රස ගුණ බෙදාදෙන ව්‍යාපාරිකයෙකි. මේ තමාගේ ජීවිතය ගැන කියන්නට හරින්ද්‍ර කතාව ඇරඹූ තැනය.”2012 අවුරුද්දේ ජුනි මාසෙදී පත්තරේක මම අමුතු ප‍්‍රවෘත්තියක් දැක්කා. ඒකෙ කියැවුණේ දවසකට ලංකාවෙ පොල්වතුර ලීටර් 50000ක් විතර නිකරුණේ අපතේ යනවා කියන විස්තරයක්. මේ ප‍්‍රවෘත්තිය ඇහැගැටුණම මට මේ ගැන හොයන්න උනන්දුවක් ඇති වුණා. මම අන්තර්ජාලයෙන් විස්තර හෙව්වා.

මට හිතුණා මම මේ අපතේ යන පොල් වතුරෙන් ව්‍යාපාරයක් කරන්න ඕන කියලා. ඊළග මාසෙම මම වැඬේ පටන් ගත්තා. මම විදුලි කාර්මික ශිල්පය ටිකක් දන්නවා. අලූත් අලූත් දේවල් අත්හදා බලන්න කොහොමත් ටිකක් දක්ෂයි. මුලින්ම මම කුරුම්බා ගෙඩියක වතුර වාතයට නිරාවරණය නොවී රැුස්කරගන්න සරල යන්ත‍්‍රයක් හැදුවා.

ඒකෙන් කෙරෙන්නෙ කුරුම්බා ගෙඩිය උල් බටයක් මත සවි කළාම ගෙඩිය ඇතුළේ තියෙන වතුර ටික බටය හරහා ඇවිත් ටැංකියකට රැුස්වෙන එක. මේ මැෂිම හදනවා දැක්කාම මගේ නෝනා මුලින්ම කිව්වෙ ඔයාට පිස්සුද කියලයි. තැඹිලි – කුරුම්බා වතුර බෝතල් කරලා තියාගෙන බොන්නෙ කවුද කියලා එයා හිනාවුණා. ඒත් මට ඕනෑවුණා මේ තාක්ෂණය හොයාගන්න.

විවිධ අත්හදාබැලීම් කරලා බලනකොට තැඹිලි වතුර නරක් නොවී දවස් 20ක් ශීතකරණයේ දාලා තියන්න පුළුවන් ක‍්‍රමවේදයක් හොයාගන්න මට පුළුවන් වුණා. මම ඒ නිෂ්පාදනය හෙළ කොකෝ එනර්ජි කියලා ලේබල් කරලා ඒක අරගෙන ලංකාවෙ ගොඩක් හෝටල්වලට ගියා. ඒ හෝටල්වල හුඟක් අය මාව ගිය පයින්ම හරවලා එව්වා. තැඹිලි වතුර බෝතල් කරලා බොනවා කිව්වම එයාලට ඒක පිස්සුවක් වගේ පෙනුණා.

කලාතුරකින් කෙනෙක් මගේ නිෂ්පාදනය විකුණන්න භාරගත්තා. ඒත් ඒ සමහර තැන්වල ඇසුරුම් ක‍්‍රමය වැරදුණාම දවස් දෙක තුනෙන් මගේ නිෂ්පාදනය නරක් වෙලා මට කෝල් ආවා, ඇවිත් බෝතල් ටික ආපහු අරන් යන්න කියලා.”ඒ වෙහෙසකර ආරම්භය ගැන ඔහු වචන ගැළපූ විදියයි. අභියෝගයට අභියෝග කරන්නට ඔහුට මුලින්ම ශක්තිය දෙන චරිතය කතාවට එකතු වෙන්නේ මේ කාලයේදීය.

”මගේ බිරිඳගේ නම ලතීෂා රන්මාලි. මේ වැඬේ මම කොහොම හරි කරනවා කියලා විශ්වාස කරපු පළමුවැනි කෙනාත් එයා. ඒ දවස්වල අපි දෙන්නා එකතුවෙලා දවසකට තැඹිලි ගෙඩි 300ක් විතර හෝදලා වේලලා කපලා තැඹිලි වතුර එකතු කළා. ඒක ලොකු මහන්සියක්. මොකද හැමදේටම අපි දෙන්නා විතරයි. දවස ඉවරවෙනකොට අත් කකියනවා. හැබැයි එහෙම මහන්සි වෙලා බෝතල් 10ක් විතරක් හදන කාලෙදිත් මගෙ හීනෙ තිබුණෙ කවදා හරි ලොකු තැඹිලි අපනයනකරුවෙක් වෙන්නයි.

ඇත්තටම ඒක ඒ කාලෙ හැටියට ලොකු වැඩි හීනයක් තමයි. හැබැයි මම හීන මැවුවා.තැඹිලි බෝතල් කරද්දී පොඩි අත්වැරදීමක් වුණත් පැහීමට ලක්වෙනවා. තැඹිලි වතුරේ පාටත් රහත් වෙනස් වෙලා රා වෙන එක තමයි අපට ආපු ලොකුම ප‍්‍රශ්නය. මම එක එක විදියේ අත්හදා බැලීම් කර කර ඒ ප‍්‍රශ්නෙට උත්තරේ හෙව්වා.

හැබැයි බෝතල් දහය හදන කාලෙදිත් මම අකුරටම ප‍්‍රමිතිය ගැන හිතුවා. වෙන එකක් තියා තැඹිලි කපනකොට, බෝතල් කරනකොට අපි දෙන්නා එකිනෙකාට කතා කළේවත් නෑ කටේ කෙළ බිඳක්වත් වැටෙයි කියලා. මොකද කවුරුහරි මනුස්සයෙක් සල්ලි දීලා මගේ නිෂ්පාදනය ගන්නවා නම් මම ඒ මනුස්සයාට ගරු කරලා අවංකව නිෂ්පාදන කාර්යය කරන්න ඕන. බිස්නස්වලදී බොරුව කළොත් පැවැත්මක් නෑ.”

ඒ ඔහුගේ දැක්මය. හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙන් පෙනේ කියන්නාක් සේ ආරම්භයම සරු යහපත් එකක් වූ නිසා සොබාදහම මේ මිනිසාගේ තනි සටනට ශක්තිය සපයා තිබුණා සේය. කවදා හෝ නියතවම තැඹිලි වතුර අපනයනය කරන ලොකු ව්‍යවසායකයෙක් වෙනවාය යන හීනය හැබෑ කරගන්නට මේ කුඩා පර්යේෂකයා දැනුවත් බොහෝ පිරිසකගේ උදවු සොයා ගියේය.

තැඹිලිවතුර බෝතල් කරන තාක්ෂණය හොයාගෙන මම ලංකාවේ පොල් පර්යේෂණායතනයට ගියා. ලංකා කාර්මික තාක්ෂණායතනයටත් ගියා. ඒත් මේ කාගෙන්වත් මට තැඹිලිවතුර බෝතල් කිරීමේ තාක්ෂණය ගැන ඉගෙන ගන්න ලැබුණෙ නෑ. මොකද එයාලත් පර්යේෂණ මට්ටමේ වැඩ කරමින් හිටියේ.

ඉතිං මම තනිවම මේ වැඬේ එක්ක ඔට්ටු වුණා. ඇත්තටම කියනවා නම් මම අත්හදා බලපු විදි 200ක් විතර අසාර්ථක වුණා. මහන්සියෙන් හදලා හදලා හරි කියලා හිතලා නිදාගන්න ගියාම පහුවදා ඇහැරලා බලද්දී තැඹිලි වතුර රා වෙලා. නිතර නිතර ඔහොම වුණාම මට මේ ඔක්කොම අල්ලලා විසිකරලා දාන්න අනන්තවත් හිතුණා. ඒත් මගේ බිරිඳ කිව්වා අපි දැන් දිනුම් කනුව ළඟටම ඇවිල්ලා ඉන්නෙ දැන් වැඩ නවත්තන්න එපා කියලා.

මම ඇගේ වචනවල හයියෙන් ආපහු අත්හදාබැලීම් කළා. අන්තිමේ මේ ක‍්‍රමය ගැන හොයමින් අත්හදා බැලීම් කරලම මගේ රුධිර පීඩනය වැඩිවෙලා ඉස්පිරිතාලෙ නවතින්න මට සිද්ධ වුණා. ඉස්පිරිතාලෙ ඇඳේ ඉන්නකොට මට විශේෂ දෙයක් කල්පනා වුණා. මම ටිකට් කපාගෙන ගෙදර ආපු දවසෙම මම හරියටම මැෂිම හැදුවා. එදා තමයි මේ තාක්ෂණය හරියටම හරි ගියේ. මම මේ තාක්ෂණය හොයා ගත්ත දවස හරියටම 2016 ඔක්තෝබර් මාසෙ 20 වැනිදා.

එදා ඉතිහාසගත දවසක්. තැඹිලි වතුර කල් තබා ගත හැකි පරිදි බෝතල් කිරීමට අවශ්‍ය සියලූම උපකරණ නිෂ්පාදනය කරන්නට හරින්ද්‍ර වැය කර ඇති මුදල ලක්ෂ හය හතකි. කර්මාන්ත ශාලාවේ කාමර තුනක් පුරා සිදුවෙන මේ සැකසුම් ක‍්‍රියාවලිය පුහුණු සේවකයන් හය දෙනෙකුට මේ වන විට රැුකියා සපයා දී ඇත. හරින්ද්‍ර නිසා වක‍්‍ර රැුකියා ලැබූ අය ගණන විසි තිස් ගණනකට වැඩිය.

මේකේ බෝතල් ලේබලයේ ග‍්‍රැෆික් නිර්මාණයේ ඉඳලා අවශ්‍ය සේරම යන්ත්‍රෝපකරණ හදන එක දක්වාම කළේ මගේම නිර්මාණ ශක්තියෙන්. ප‍්‍රාග්ධනය නැතිකම නිසා මමම ඒවා කළා.මම ලංකාවේ පළමුවැනි බෙවරේජ් කෑන් සීලර් එකත් හැදුවා. මම දන්න තරමින් බීම ටින්වල පියන සීල් කරන්න මැනුවල් උපකරණයකට තියෙන්නෙ මම හදපු එක විතරයි. ලොකු ලොකු කොම්පැණිවල පාවිච්චි කරන පියන් සීල් කරන මැෂින් එක ලක්ෂ 14කට වඩා වැඩියි.

මම ඒ විදියෙම අතින් වැඩකරවන මැෂින් එක හදාගත්තෙ අර ලොකු මැෂිම ගන්න මට සල්ලි නැති නිසයි.සේරම මැෂින් මම හදලා තියෙන්නෙ ඉස්තරම්ම හිතකර අමුද්‍රව්‍යවලින්. මොකද ආහාර නිෂ්පාදන ව්‍යාපාරයක් කරද්දී මිනිස්සුන්ගේ සෞඛ්‍යය ගැන හිතන්නම ඕන.එදා තැඹිලි වතුර ලීටර් 10ක් බෝතල් කරමින් වැරදි වැරදී පටන්ගත් ව්‍යාපාරය අද අතු ඉති ලා වැඩෙමින් තිබෙන එකකි.

දැනට මගේ නිෂ්පාදන ධාරිතාව අනුව දවසකට බෝතල් 1200ක් හදන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නෙ මාසෙකට බෝතල් 30000 ට වඩා හදන්න අපට පුළුවන්.තැඹිලි වතුර නිකම්ම බෝතල් කරනවාට අමතරව තව අලූත් සංයෝග එකතු කරලා ස්වභාවික අලූත් පාන වර්ග හදන්නත් මම දැං පටන් අරගෙන තියෙනවා. කෝමාරිකා සහ තැඹිලි වතුර පානය, ලංකා දොඩම් සහ තැඹිලි වතුර පානය, කුරුඳු සහ තැඹිලි වතුර පානය, වැල් දොඩම් සහ තැඹිලි වතුර පානය වගේම අන්නාසි සහ තැඹිලි වතුර පානය කියන අලූත් බීම වර්ගත් අපි බෝතල් කරලා විකුණනවා.

ලංකාවෙ හෝටල් අලෙවිසල් ගානෙ මගේ නිෂ්පාදන අරන් ඇවිදලා කිසිම හේතුවක් නැතුව ඒවා ප‍්‍රතික්ෂේප වුණාම මට ලොකු කලකිරීමක් ඇති වුණා. අපේ රටේ මිනිස්සු කොහොමත් අපේ කෙනෙකුගේ අලූත් වැඩක් පිළිගන්න කැමති නැහැ. කොහොමත් මගේ හීනෙ තිබුණෙත් පිටරටට තැඹිලි අපනයනය කරන්නනෙ. ඒ නිසා මම ලංකාවෙ විකුණන එක අත්හැරදාලා අපනයන වැඩ පටන් ගත්තා. මට අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සෑහෙන්න උදවු කළා. ඒ වගේම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියත් ලොකු ශක්තියක් වෙනවා. අද මගේ ආයතනය අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ පොල් සංවර්ධන මණ්ඩලයේ අනුමැතිය ලද නිෂ්පාදනායතනයක්. මම දැන රුසියාවට සහ ජර්මනියට තැඹිලි බෝතල් අපනයනය කරනවා.

මේකට මට රස ගුණ පැත්තෙන් තරග කරන්න ලෝකෙ කවුරුවත් නැහැ. මොකද ලෝකෙ රසම හො`දම තැඹිලි වැවෙන්නෙ ශ‍්‍රී ලංකාවෙ. ඒකෙනුත් මම ඉන්න කළුතර – පානදුර පැත්තෙ තැඹිලි රසින් ගොඩාක් වැඩියි. හැබැයි මට ජාත්‍යන්තරය ජයගන්න ලොකු ප‍්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි බටහිර රටවල මිනිස්සු තැඹිලි කියන්නෙ මොනවද ඒක කොච්චර ගුණද කියලා දන්නෙ නැතිකම. මට තැඹිලි ගැන එයාලට මුල ඉදලා විස්තර කරන්න වෙලා තියෙනවා.

අනික් බාධාව තමයි තායිලන්තයෙන් සහ වියට්නාමයෙන් පොල් හා කුරුම්බා වතුර මහ විශාල වශයෙන් නිෂ්පාදනය කිරීම. මහා පරිමාණයෙන් කරද්දී එයාලගෙ මිලත් අඩු මට්ටමක තියෙන නිසා මට මිල කිරීමෙදිත් ගැටලූ තියෙනවා. හැබැයි මේ එකක් නිසාවත් මම වැටෙන්නෙ නැහැ. හෙළ කොකෝ එනර්ජි කියන නම මම අදට වඩා හෙට ලෝකෙට ගෙනියනවා. අපේ පානය නිසා ලංකාව කියන රට ගැන ලෝකය කතාවෙනවා දකින්න මට ඕන.

කුඩා තනි මිනිහෙකුගේ ශක්තියත් ඔහු හීන දකින හීනවල විශාලත්වයත් වෙනුවෙන් හිස නමා ආචාර කරන්නට කාලය එළඹ තිබේ. හීන හැබෑ කරගන්නට හැකි පමණින් කාගේත් උදවු වුවමනාය. ඇතැම් විට ඒ උදවු හදවතින් පිරිනමන ආශීර්වාදයක් විතරක්ම වෙන්නට පුළුවන.”හෙළ කොකෝ එනර්ජි කියලා ශ‍්‍රී ලංකාවෙන් අපනයනය කරන ස්වභාවික ගුණදායක පානය තව අවුරුදු පහක් ඇතුළත ලෝකයේ හොඳම පාන වර්ග 05 අතරෙ තියෙන්න ඕන. මම ඒ හීනය හැබෑ කරගන්න දවල් ? නැතුව වැඩ කරනවා.”ජවයෙන් පිරුණු ඒ වචනවලට ආශීර්වාද නොකර ඉන්නට හැකි හදවතක් මේ මිහිපිට කාට හෝ තිබිය හැකිද?

උපුටා ගැනීම - රිවිර පුවත්ප‍ත

|Lìkè|còmmèñt|shärè

--- සමෝසා වෙළෙන්දා -------එක්තරා නගරයක සමෝසා වෙළෙන්දෙක් සිටියේය. ඔහුගේ වෙළෙඳසල පිහිටුවා තිබුණේ විශාල වෙළෙඳ සමාගමක් ඉදිරි...
14/10/2021

--- සමෝසා වෙළෙන්දා -------

එක්තරා නගරයක සමෝසා වෙළෙන්දෙක් සිටියේය. ඔහුගේ වෙළෙඳසල පිහිටුවා තිබුණේ විශාල වෙළෙඳ සමාගමක් ඉදිරිපිටය. එහි විකිණූ සමෝසා ඉතා රසවත් වූ අතර පෙර කී සමාගමේ උදවිය දිවා ආහාර විවේකයේ දී පැමිණ සමෝසා මිල දී ගැනීම සාමාන්‍ය සිද්ධියක් විය.

දිනක් එහි කළමනාකරුවෙක් වෙළෙඳසලට පැමිණියේය. සමෝසාවක රස බලන අතරේ මුදලාලි හා කතා-බහ කරන්නට ඔහුට සිතිණි.
“ඔබතුමා ඉතාමත් හොඳට මේ කඩේ පවත්වාගෙන යනවා. කළමනාකරණය ගැන ගොඩක් හොඳ කුසලතාවක් තියෙන බවත් පේනවා. ඔබට හිතෙන්නේ නැද්ද මේ සමෝසා විකුණ විකුණා ඉඳලා නිකරුණේ ඔබේ හැකියාවන් අපතේ යනවා කියලා?
නිකමට හිතලා බලන්න, මං වගේ ලොකු කොම්පැනියක වැඩ කළා නම් ඔබ මෙලාහකට මං වගේ ම කළමනාකරුවෙක් වෙලා තියෙන්න ඉඩ තිබ්බා. නැද්ද මං අහන්නේ?”යි ඇසූ ඔහු තවත් සමෝසා කැබැල්ලක් මුවට ගෙන සපන්නට වීය.

සරල සිනාවකින් යුතුව ඔහු දෙස බැලූ සමෝසා වෙළෙන්දාගේ මුවින් මඳ වේලාවකින් අමිල වූ වදන් පෙළක් නික්මෙන්නට විය.
“සර්, මට හිතෙන්නේ මගේ වැඩේ ඔබේ වැඩේට වඩා දහස් ගුණයකින් හොඳයි කියලයි. මොකද දන්නවද ඒ?
අවුරුදු 10කට ඉස්සෙල්ලා මං සමෝසා වික්කේ දැල් කූඩේක දාගෙන. මං හිතන්නේ ඔබතුමා මේ රස්සාවට එන්න ඇත්තේ ඔය කිට්ටුව වෙන්න ඕනැ. ඒ කාලේ මගේ මාසික ආදායම රුපියල් 1,000යි. ඒත් ඔබ රුපියල් 10,000කට ආසන්න පඩියක් ගන්න ඇති.
ගතවුණු අවුරුදු 10ක කාලය තුල අපි දෙන්නා ම සැළකිය යුතු දියුණුවක් ලබලා තියෙනවා කියලා අපි දෙන්නා ම දන්නවානේ.
දැන් මට මේ කඩේ තියෙනවා. ඒ වගේ ම මං පළාතේ ම ප්‍රසිද්ධ, හොඳම ‘සමෝසා කාරයා’ වෙලා ඉන්නවා. ඒ වගේ ම ඔබතුමා කළමනාකරුවෙක් වෙලා ඉන්නවා. දැන් ඔබට පඩිය රුපියල් ලක්ෂයක් විතර ඇති මයේ හිතේ. මාත් ඒ මුදල හොයනවා. සමහරවිට ඊටත් වඩා.
මට තවදුරටත් විශ්වාසෙන් ම කියන්න පුළුවන් ඔබේ රස්සාවට වඩා මගේ රස්සාව හොඳයි කියලා. ඒ මගේ දරුවන්ගේ අනාගතය ගැන හිතද්දි.
ඇයි පුදුම වෙලා…, මට විස්තර කරන්න ඉඩ දෙන්නකෝ. හොඳට අහගන්න මං මේ කියන දේ.
මං මේක පටන් ගත්තේ අන්තිම අඩියෙන්. හැබැයි මගේ පුතාට ඒ තත්ත්වෙට පත්වෙන්න සිදුවන්නේ නැහැ. ඉස්සරහ දවසකදි මගේ පුතාට මේ බිස්නස් එක අයිති වෙනවා. එයාට බිංදුවෙන් පටන්ගන්න දෙයක් නැහැ. එයාට කවදාහරි අයිතිවන්නේ සම්පූර්ණයෙන්, ඉතාමත් හොඳින් ගොඩනගපු ව්‍යාපාරයක්. නමුත් ඔබේ පැත්තෙන් බැලුවහම ඒ අවස්ථාව හිමිවන්නේ ඔබේ බොස්ගේ දරුවන්ට. ඔබේ දරුවන්ට නෙමෙයි.
ඔබට කවදාවත් ඔබේ තනතුර දුවකටවත් පුතෙකුටවත් දෙන්න බැහැ.
එයාලා බිංදුවේ ඉඳන් පටන් ගන්න ඕනැ. සමහරවිට ඔබ අවුරුදු 10කට පෙර හිටපු තත්ත්වයෙන් ම ඔබේ දරුවන්ටත් පටන් ගන්න සිද්ධ වෙයි. එතකොට ඔබ විඳි දේ ම ඒ අයටත් උරුම වෙනවා.
මගේ පුතාට මං දැනටමත් දැනුම ලබා දෙමින් ඉන්නේ. ඔහු යම් දවසක මං නවතන තැනින් පටන් ගනියි. ඔබේ දරුවන් යම් දවසක කළමනාකරුවන් වත්දී මගේ පුතා තව තවත් බොහෝ දුර ගිහින් ඉඳිවි.
දැන් මහත්තයෝ මට කියන්න, අපි දෙන්නාගෙන් කවුද හැකියාවත් කාලයත් නාස්ති කරමින් ඉන්නේ?”
කළමනාකරුවා සමෝසා දෙකක මිල වූ රුපියල් 50ක මුදල වෙළෙන්දා අත තබා නිහඬ වතින් යුතුව පිටව ගියේය.

-උපුටා ගැනීම භාග්‍යා හෙට්ටිආරච්චි මහත්මියගේ ෆේස්බුක් පිටුවෙනි..-

පොලොන්නරුව 🙏🙏🙏
14/10/2021

පොලොන්නරුව 🙏🙏🙏

13/10/2021

රැකියාවක නිරත ඔබ වෙනුවෙන් හා තවමත් රැකියාවක් අපේක්ෂිත පොළොන්නරුව අවට ඔබ වෙනුවෙන්ම වෙන්වූ පූර්ණ හා අර්ධ කාලීන සුවිශේෂී රැකියා අවස්ථාවන් රැසක්. Page එක like කොට අප සමග එකතුවෙමු.

Address

Crown Building
Polonnaruwa

Telephone

+94761908029

Website

Alerts

Be the first to know and let us send you an email when Jobs in polonnaruwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Jobs in polonnaruwa:

Share

Category